• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු ! ඔන්න ඔයාලා වෙනුවෙන් අද මම අලුත් ජාතියෙ තෝසෙ රෙසිපි එකක් අපේ අසල්වැසියා දකුණු ඉන්දියාවෙන් අරන් ආවා. මේකට කියන්නේ අඩායි දෝසා/ඩෝසා (Adai Dosa) කියලයි. අපි හැමෝම තෝසේ ගැන දන්නවානෙ. අපි තෝසේ (those) කියල කියනවා. ඉන්දියාවේ දෝසා/ඩෝසා (dosa) කියල කියනවා. ඒ උනාට මේක අපිට පුරුදු තෝසෙ/දෝසා වලට වඩා ටිකක් වෙනස්.

අපි හොඳට දන්න තෝසෙ/දෝසා හදන්නේ හාල් සහ උළුදු වලින්. අඩායි දෝසා හදන්නෙ හාල් වලට පරිප්පු ජාති කීපයක් කලවම් කරලා. අපි කවුරුත් දන්නවා පරිප්පු කියන්නෙ හරිම පෝෂ්‍ය දායක ආහාරයක්. පරිප්පු ජාති කීපයක් කලවම් කලාම පෝෂ්‍ය ගුණය තවත් වැඩිවෙනවා. තොසේ/දෝසා/ඩෝසා මිශ්‍රණය වගේ අඩායි දෝසා/ඩෝසා මිශ්‍රණය පිපෙන්න තියන්න ඕනෙ නැහැ. ඔයාලට කැමැති පරිප්පු, එළවලු, කොළ සහ කුළුබඩු වර්ග එකතු කරලා කැමැති සයිස් එකකට හදාගන්න පුලුවන්.

මේ මිශ්‍ර පරිප්පු තෝසේ එක ලේසියෙන් පහසුවෙන් සහ ඉක්මනින් හදාගන්න පුලුවන් ඉතාම පෝෂ්‍යදායක කෑමක්. උදෑසන ආහාරයක් විදියටත්, සැහැල්ලු ආහාරයක් විදියට දවල්ට, රෑට උනත් උණු උණුවෙම ගෙදර හදලා කන්න පුලුවන්. චට්නි, සෝස්, යෝගට්, චීස් එක්ක රසයි ! ඉන්දියාවේ අය බටර්/සීනි එක්කත් කනවා. කාලා බලන්න. එහෙමත් රසයි. චිලි පේස්ට් තවරලා උඩින් චීස් දාලා මෙල්ට් කලාමත් හරි රසයි. අපේ කරි එක්කත් රසට කන්න හොඳයි.

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු !
(වීඩියෝව)

තෝසේ එක ගනකමට හදමුද? තුනියට හදමුද ?

සාමාන්‍යයෙන් මිශ්‍ර පරිප්පු තෝසේ හදන්නේ හාල්/පරිප්පු පොඟවලා ඒක අඹරලා මිශ්‍රණය ටිකක් තික් එකට හදාගෙන ඒකට පුංචියට කපාගත්ත එළවලු එකතු කරලයි. එළවලු පුංචියට කපන්න කම්මැලි වෙලාවට ලොකුවට කපල හාල්/පරිප්පු එක්ක අඹරන එක ලේසියි. ඒ නිසා මම තුනී මිශ්‍ර පරිප්පු තෝසේ හදන්න කැමතියි. රසත් හොඳයි. මේ මිශ්‍රණයෙන් තෝසෙ තුන හතරක් හදාගන්න පුලුවන්. ඔයාලගේ තෝසෙ එකේ ගනකමයි සයිස් එක අනුවයි ඒ ගාන වෙනස් වෙයි.

මිශ්‍ර පරිප්පු තෝසේ හදන්න අවශ්‍ය දේවල්

මිශ්‍ර පරිප්පු තෝසේ සාමාන්‍යයෙන් උළුදු, කඩල පරිප්පු, තෝර පරිප්පු සහ ලා කහපාට මුං පරිප්පු මිශ්‍ර කරල හදන්නේ. මම නම් මේ ලා කහපාට මුං පරිප්පු ලංකාවේදි දැකල නැහැ. ඔයාලා දැකල තියෙනවනම් මට කියන්නකො. මේ ලා කහපාට පරිප්පු හදන්න අර අපි හොදට දන්න කොළපාට මුං ඇට වලින්. ඒ නිසා මුං පරිප්පු වෙනුවට මුං ඇට කලවම් කරන්නත් පුලුවන්. මෙතැන මම ලියල තියෙන පරිප්පු විතරක් නෙමෙයි ඔයාල කැමැති ජාතියෙ පරිප්පු මිශ්‍රණයකින් මිශ්‍ර පරිප්පු තෝසේ හදලා බලන්නකෝ.

පරිප්පු විතරක් නෙමෙයි අපි මේ මිශ්‍රණයට ලුනු, ඉගුරු, සුදුලූනු, අමුමිරිස්, එලවලු සහ කොළ වර්ග කීපයකුත් එකතු කරනවා. ඔයාල කැමැති ජාතියෙ එලවලු සහ කොළ වර්ග වලින් හදලා බලන්න. මේ වගේ එළවලුත් ට්‍රය් කරලා බලන්නකෝ (කැරට්, ගෝවා, නිවිති, මාලු මිරිස්, කරපිංචා, කොත්තමල්ලි කොළ) ඒ වගෙම තෝසෙ එකේ රස තවත් වැඩිකරගන්න කැමති නම් ගම්මිරිස්, මිරිස්, තුනපහ, සුදුරු, කහ, ගරාම් මසාලා වගේ කුළුබඩු වර්ග වලින් ස්වල්පයක් එකතු කරන්නත් පුලුවන්.

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
(කුකිං ටිප්ස්)

තෝසෙ මිශ්‍රණය හදාගන්න ටිප්ස්

සහල් සහ පරිප්පු පැය 8ක් විත‍ර නැත්නම් රැයක් පොඟවා ගෙන වතුර පෙරන්න. අවශ්‍ය පරිදි වතුර එකතු කරලා හොඳින් අඹරා ගන්න. අඹරන්න වතුර ගොඩක් දාන්න එපා. අපිට තුනී මිශ්‍රණයක් හදාගන්න අවශ්‍යයි. ඒත් වතුර ගතිය වැඩි උනොත් තැටියෙ තුනී කරලා තෝසෙ එක හදන්න බැරිවෙනවා. ඒ නිසා හරිම පරිස්සමින් වතුර ඒකතු කරන්න. ඒකටම කපාගත් එළවලු දාලා ආයෙත් අඹරා ගන්න. එළවලු පුංචිම පුංචි කෑලි ටිකක් තිබුනට ප්‍රශ්නයක් නැහැ. ඒත් මිශ්‍රණය ලේසියෙන් තැටියෙ තුනී කරගන්න පුලුවන් විදියට හදාගන්න.

තෝසෙ/දෝසා වගේ මේ බැටර් එක පිපෙන්න තියන්න ඕනෙ නැහැ.ඒ නිසා බැටර් එක හදාගෙන ඒ වෙලාවේම තෝසෙ/දෝසා හදාගන්න පුලුවන්. ඒ උනාට  බැටර් එක හදලා පැය බාගයක් විත‍ර තියලා හදන එක වැඩියේ හොදයි. එතකොට රස වැඩයි.

මිශ්‍රණය හදලා දවසක් විත‍ර ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්. රෑට හදලා ෆ්‍රිජ් එකේ දාල තියලා උදේට තොසේ ටික හදා ගත්තම හරිම ලෙසියි.ෆ්‍රිජ් එකේ දවස් කීපයක් තියනවනම් එළවලු කලවම් නොකර තියන එක වඩා හොදයි.

තෝසේ හදාගන්න ටිප්ස්

හැන්දෙ යටි පැත්තෙන් හැකි තරම් තුනී කරලා තොසේ එක රවුමට ලස්සනට හදාගන්න. ඔයාල කැමැති සයිස් එකට කැමැති ගානට තුනී කරගන්න. මුලින්ම හදනකොට තුනී කරගන්න ටිකක් අමාරුයි. කීප සැරයක් හදනකොට පුරුදු වෙනවා.

තෝසේ එක වටේට තෙල් දැම්මේ නැත්නම් ක්‍රිස්පී වෙන්නෙත් නැහැ. තෝසේ එක ලස්සනට ගලවාගන්නත් බැරි වෙනවා. තෙල් වැඩිවෙන තරමට රසයි. රසයි ක්‍රිස්ප් ගතිය වැඩි කරන්න තෝසේ එක උඩටත් තෙල් ඉහින්න පුලුවන්.

තොසේ එක හුගක් ගනකමනම් පියනකින් වහලා හදාගෙන පස්සේ පියන අයින් කරලා වටේට තෙල් දාන්න.

දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
(රෙසිපි)

බැටර් එකට අවශ්‍ය දේවල්

සහල් ග්‍රෑම් 150
පරිප්පු මිශ්‍රණය ග්‍රෑම් 100
වතුර 200 ml  (හෝ අවශ්‍ය පරිදි)
ලුණු ස්වල්පයක්
කහ ස්වල්පයක්
සූදුරු ස්වල්පයක්

මිශ්‍ර කරන්න අවශ්‍ය දේවල්

කැමැති එළවලු ග්‍රෑම් 100 විත‍ර
සුදුලූනු බික් 2ක්
ලුනු පොඩි ගෙඩියක්
අමුමිරිස් කරල් 1ක්
ලුණු ස්වල්පයක්
කහ ස්වල්පයක්
සූදුරු ස්වල්පයක්
තෙල් බැදගැනීම සදහා

මුලින්ම මිශ්‍රණය හදාගනිමු

  • සහල් සහ පරිප්පු එකට දමා පැය 8කට වැඩි වෙලාවක් පොඟවා ගන්න. වතුර පෙරන්න.
  • පොඟවා ගත් සහල් සහ පරිප්පු වලට වතුර පුලුවන්තරම් අඩු ප්‍රමාණයක් එකතු කරලා බ්ලෙන්ඩරයක හොඳින් අඹරා ගන්න.
  • ඒකටම කපාගත් එළවලු දාලා ආයෙත් අඹරා ගන්න.
  • කහ ස්වල්පයක්, සූදුරු ටිකක්, රස අනුව ලුණු දමා හොඳින් කලවම් කරන්න.
  • ඒ මිශ්‍රණය භාජනයකට දමලා විනාඩි 30ක් විතර වහලා තියන්න.

දැන් අපි තෝසේ හදමු

  • තෝසේ තැටියක් නැත්නම් නන්ස්ටික් පෑන් එකක් හොඳට රත්කරන්න.
  • තැටියෙ තෙල් ටිකක් ගාන්න. ගින්දර මද ගින්නේ තියා ගන්න.
  • රත් වූ තැටියට බොකුටු හැන්දකින් අවශ්‍ය ප්‍රමාණයට තෝසේ මිශ්‍රණය වත්කරන්න.
  • හැන්දෙ යටි පැත්තෙන් හැකි තරම් තුනී කරලා තොසේ එක රවුමට ලස්සනට හදාගන්න. තොසේ එක ෆ්‍රයි කරන වෙලාව තොසේ එකේ ගනකම අනුව වෙනස් වෙනවා.
  • තෝසේ එක වටේට තෙල් ටිකක් වත් කරන්න.
  • වටේ ක්‍රිස්පි වෙලා උඩ වේලීගෙන ආවම අනිත් පැත්තට හරවලා ෆ්‍රයි කරන්න. විනාඩියකින් විත‍ර පිගානකට අයින් කරන්න.
  • මේ විදියට ඉතුරු තෝසෙ ටිකත් හදාගන්න.
  • කැමති චට්නි, සෝස් එක්ක උණු උණුවෙම කන්න

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

සිංහලෙන් කියවන්න

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු (රෙසිපි & වීඩියෝ)
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු (රෙසිපි & වීඩියෝ)
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (රෙසිපි & වීඩියෝ)
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
Next Post: ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
EASY! Bara (Nepali Lentil Pancakes)
BEST! Sri Lankan Fish Buns (Malu Paan)

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...