• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු

මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු

මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු

මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු ! අද මම කියලා දෙන්න හදන්නෙ වෙනස් විදියකට අලුත් රසකට චිකන් කරියක් නැත්නම් ස්ටූ එකක් හදාගන්න විදිය. මැකාවු (Macau) නැත්නම් මැකාවෝ (Macao) වල මේ චිකන් එකට කියන්නේ ඇෆ්රිකන් චිකන් (African Chicken) කියලයි. බත් එක්කත් රසයි! පාන් නුඩ්ල්ස් එක්කත් රසයි! එක පාරක් හදලා බලන්නකෝ. මම වගෙම ඔයලාත් ඒ අලුත් රසට ගොඩාක් කැමතිවේවි.

මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු (වීඩියෝව)

මැකාවු සහ ඇෆ්රිකන් චිකන් ගැන වචනයක් !

මැකාවු (Macau) නැත්නම් මැකාවෝ (Macao) ගැන ඔයාලා අහලා තියෙනවද? මැකාවු කියන්නෙ හොංකොං අසල කුඩා දූපතක්. හොං කොං සහ මැකාවු කියන ප්‍රදේශ දෙකම චීනය විසින් පාලනය කරන විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක්. “ඇෆ්රිකන් චිකන්” කියන්නෙ මැකාවු වල හුගක් ප්‍රසිද්ධ ඒ වගෙම ජනප්‍රිය චිකන් ස්ටූ එකක්. ලංකාවේ විදියට කීවොත් චිකන් කරියක් වගේ එකක්. මේකට ඇෆ්රිකන් චිකන් කියල කීවාට මේක අප්‍රිකානු කෑමක් නෙමෙයි. නම විතරයි ඇෆ්රිකන්. මේක මැකාවු සූපවේදියෙකු විසින් නිර්මාණය කරන ලද රෙසිපි එකක්. ඒ රෙසිපි එක රටවල් කීපයක (චීන, පෘතුගීසි, ආසියානු සහ අප්‍රිකානු) අමුද්‍රව්‍ය/කුළුබඩු මිශ්‍ර කරලා හදලා තියෙන්නෙ! ඒ මුල්ම රෙසිපි එක රහසක් විදියට තියාගෙන ඉන්නවා කියලයි කියන්නේ.

මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු (රෙසිපි) 

මේ පිළිවෙලට හදාගත්තාම ලේසියි !

STEP 1 මුලින්ම කුකුල් මස් මැරිනේට් කරමු
STEP 2 සෝස් එක හදමු
STEP 3 ෆ්‍රයි කරගත්ත කුකුල් මස් සෝස් එකට දාලා උයාගනිමු
STEP 4 බේක් කරමු

අවශ්‍ය දේවල් (කුකුල් මස් මැරිනේට් කිරීම සඳහා)

  • චිකන් තයි 2ක් (හෝ වෙනත් චිකන් පාර්ට්ස්)
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • ලුණු තේ හැඳි 1/2
  • කුරුඳු කුඩු  තේ හැඳි 1/2
  • කරාබු නැටි කුඩු තේ හැඳි 1/2   (හෝ කුරුඳු කෑල්ලක්/කරාබු නැටි 2ක්)
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • අඹරාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් ලූනු මේස හැඳි 1ක්
  • රෝස්මරී තේ හැඳි 1/2 (ඇත්නම්)
  • ඔලිව්/පොල්තෙල් මේස හැඳි 1
  • මස් බැඳීම සදහා තෙල්

අවශ්‍ය දේවල් (සෝස් එක සැදීම සඳහා)

  • ඔලිව්/පොල්තෙල් මේස හැඳි 2
  • අඹරාගත් ඉඟුරු සුදුළූණු මේස හැඳි 1
  • සිහින්ව කපාගත් ලූනු කෝප්ප 1/2ක්
  • බේ ලීෆ් 2 ක් ( ඇත්නම්)
  • මිරිස් කුඩු තේ හැඳි 1
  • පැප්රිකා මිරිස් කුඩු තේ හැඳි 1 (ඇත්නම්)
  • ගම්මිරිස් තේ හැඳි 1/2
  • ලුණු  (රස අනුව)
  • පීනට් බටර්/අඹරාගත් රටකජු මේස හැඳි 1
  • චිකන් ස්ටොක් කෝප්ප 1/2ක්
  • තක්කාලි ඉස්ම කෝප්ප 1/2ක්
  • පොල් කිරි කෝප්ප 1/2ක්
  • විනාකිරි මේස හැඳි 2
  • සීනි මේස හැඳි 1
  • බටර් මේස හැඳි 1

මුලින්ම කුකුල් මස් මැරිනේට් කරමු

  • සියලුම ද්‍රව්‍ය කුකුල් මස් වලට එකතු කරලා හොඳට ගාන්න
  • පැය කීපයක් නැත්නම් රැයක් ෆ්‍රිජ් එකේ තියන්න

දැන් සෝස් එක හදමු

  • සෝස්පෑන් එකක තෙල් රත් කරන්න
  • ඉඟුරු සුදුළූණු  එකතු කර සුවඳ එනකම් බදින්න
  • ලූනු එකතු කර කලවම් කරන්න
  • බේ ලීෆ්, මිරිස්, පැප්රිකා එකතු කර හොඳට කලවම් කරන්න
  • ගම්මිරිස්, ලුණු එකතු කර කලවම් කරන්න
  • ගම්මිරිස්, ලුණු, පීනට් බටර් එකතු කර හොඳට කලවම් කරන්න
  • පීනට් බටර් එකතු කර හොඳට කලවම් කරන්න
  • පොල් කිරි එකතු කර හොඳට කලවම් කරන්න
  • චිකන් ස්ටොක්, පොල් කිරි, තක්කාලි ඉස්ම, විනාකිරි සහ සීනි එකතු කර හොඳින් කලවම් කරන්න
  • හැඳිගාමින් විනාඩි 5 ක් පමණ මඳ ගින්නේ හිඳවාගන්න
  • බටර් එකතු කර හොඳට කලවම් කරන්න
  • දැන්, අපේ සෝස් එක හරි, ලිපෙන් බාගන්න

දැන් කුකුල් මස් බැදගනිමු

  • පෑන් එකක තෙල් රත් කරන්න
  • මුලින්ම සම තියෙන පැත්ත ෆ්‍රයි කරන්න
  • දැන් දෙපැත්තම හොඳට ෆ්‍රයි කරගන්න

ෆ්‍රයි කරගත්ත කුකුල් මස් සෝස් එකට දාලා උයාගනිමු

  • සෝස් එක රත්කරන්න
  • කුකුල් මස් දාලා විනාඩි 3ක් විත‍ර උයාගන්න
  • පෑන් එක ලිපෙන් බාගන්න
  • කුකුල් මස් සෝස් එකේ හොඳට තවරගන්න

බේක් කරලා ගත්තම හුඟක් රසයි!

  • අවන් එක 180•c ට රත්කරන්න
  • කුකුල් මස් තැටියක තියන්න
  • සෝස් එක වත්කරන්න
  • විනාඩි 30-40ක් බේක් කරන්න

අලුත් රසකට වෙනස් විදියකට චිකන් කරියක් හදලා බලන්නකෝ.
මම වගෙම ඔයලාත් ඒ අලුත් රසට ගොඩාක් කැමතිවේවි.

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

සිංහලෙන් කියවන්න

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
Next Post: රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
EASY! Bara (Nepali Lentil Pancakes)
BEST! Sri Lankan Fish Buns (Malu Paan)

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...