• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු ! අලුත් විදියකට අර්තාපල් කාලා බලමුද ? මේක හරිම රසයි. හදාගන්නත් ලේසියි. ලොකු පොඩි කවුරුත් ආසවෙයි. පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) උදේට කන්නත් හොඳයි. එහෙම නැත්නම් ස්නැක් එකක් වගේ තේ එකක් එක්ක කන්නත් රසයි.

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු (වීඩියෝව)

පොටේටො පෑන් කේක් (Potato Pancake)

යුරෝපා රටවල, පොටේටො පෑන් කේක් (Potato Pancake) හරිම ජනප්‍රියයි. රට අනුව කියන නමත් වෙනස් වෙනවා. හදන විදියත් ටික ටික වෙනස් වෙනවා. මේක බේසික් රෙසිපි එකක්. මේ පොටේටො පෑන් කේක් එක රසට කන්නනම්, අලයි ලූනුයි ඉක්මනට පොතු ඇරල, ඉක්මනට ග්‍රේට්  (ගාලා) කරලා, ඉක්මනට මිශ්‍රණය හදල, ඉක්මනට තෙල් ටිකක් රත් කරලා ඉක්මනට බදින්න ඕනේ. ඊට පස්සෙ ඉක්මනට උණු උණුවෙම කන්නත් ඕනේ😊 මම අල ගෙඩි දෙකකින් (400g විත‍ර) හැදුවේ. පෑන්කේක් 6ක් (8cm) විත‍ර හදාගන්න පුලුවන්. මේක හරිම සරල රෙසිපි එකක් නිසා ඔයාලට ලේසි පහසු විදියට රෙසිපි එක වෙනස් කරලා හදාගන්න පුළුවන්.

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු (කුකින් ටිප්ස්)

  • අල පොතු ඇරල ටික වෙලාවක් වතුරේ දාලා තියන්න, පාට වෙනස් වෙන එක වැලකෙනවා.
  • අල ග්‍රේට් කරනකොට මම සයිස් එක වෙනස් ග්‍රේටර් දෙකක් පාවිචිචි කලා. එහෙම කලාම, එතනින් මෙතනින් පුංචි පුංචි කෑලි හැපෙනකොට හොදයි. ඒත් නොකලත් ප්‍රශ්නයක් නැහැ.
  • දුඹුරු පාට වෙන එක වැළැක්වීම සදහා අලයි ලුනුයි මාරුවෙන් මාරුවට ග්රේට් කරන්නත් අමතක කරන්න එපා.
  • ග්රේට් කරපු අල වලින් පුලුවන් තරම් වතුර ඉවත් කරන්න. ඒත් එක හරිම ඉක්මනින් කරන්න. ටිකක් වතුර ගතිය තිබුනට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද අපි මිශ්‍රණයට බිත්තරකුයි පිටි ටිකකුයි එකතු කරනවනෙ.
  • පිටි එකතු කරනකොට අවම පිටි ප්‍රමාණයක් ඒකතු කරලා මිශ්‍රණය හදාගත්තම අල පෑන්කේක් එක රසයි. දියාරු වැඩි නම් තව ටිකක් පිටි වැඩිකරන්න. ගොඩක්ම තික් බැටර් එකක් කරගන්නත් එපා.
  • තෙල් ටිකක් වැඩිපුර දාල බැදගත්තම වටේ ක්‍රිස්පී වෙනවා, රසත් වැඩි වෙනවා.

පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) රෙසිපිය

අවශ්‍ය දේවල්

  • අල ගෙඩි 2
  • ලූනු ගෙඩි 1/4
  • බිත්තර 1
  • පිටි මේසහැදි 4
  • ලුණු/ගම්මිරිස්‌ (රස අනුව )
  • තෙල්  (බැද ගැනීමට)

මිශ්‍රනය හදාගනිමු

  • දුඹුරු පාට වෙන එක වැළැක්වීම සදහා අලයි ලුනුයි මාරුවෙන් මාරුවට ග්රේට් කරන්න. වතුර ගතිය වැඩිනම් හැන්දකින් පුලුවන් තරම් වතුර ඉවත් කරන්න.
  • ගා ගත් අල ටික භාජනයකට දාල, ලුණු, ගම්මිරිස්‌ සහ බිත්තරය එකතු කරන්න කලවම් කරන්න.
  • දැන් පිටි දාලා කලවම් කරන්න. වතුර ගතිය වැඩිනම් තව පිටි හැන්දක් විතර වැඩියෙන් දාල කලවම් කරලා මිශ්‍රනය හරි පදමට හදාගන්න.

පොටේටො පෑන්කේක් හදමු

  • පෑන් එකක තෙල් හැඳි 2ක් විතර රත්කරන්න.
  • මිශ්‍රනය දමා හැන්දෙන් ලස්සනට රවුම් කරන්න.
  • දෙපැත්ත හරවමින් රන්වන් පාටට බැද ගන්න.
  • දැන් උණු උණුවෙම කන්න.

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

සිංහලෙන් කියවන්න

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු (රෙසිපි & වීඩියෝ)
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු (රෙසිපි & වීඩියෝ)
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (රෙසිපි & වීඩියෝ)
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe (Step-by-Step)
Appa (Hoppers,Appam) (Step-by-Step)
Chicken Kottu (Step-by-Step)
Coconut Tuna Fish Curry (Step-by-Step)
Spicy Tuna Fish Curry (Step-by-Step)
Spicy Chicken Curry (Step-by-Step)
Coconut Egg Curry (Step-by-Step)

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « もちもち「イギリス風パンケーキ」レシピ
Next Post: 簡単「クレープ・シュゼット」レシピ »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
BEST! Sri Lankan Coconut Fish Curry (Malu Kirata)
EASY! Fried Hard-Boiled Eggs

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...