• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / රසට ලස්සනට කොකිස් හදමු

රසට ලස්සනට කොකිස් හදමු

රසට ලස්සනට කොකිස් හදමු
රසට ලස්සනට කොකිස් හදමු

රසට ලස්සනට කොකිස් හදමු !

සිංහල අලුත් අවුරුදු කෑම මේසයට නැතුවම බැරි තවත් කැවිලි වර්ගයක් තමයි කොකිස්. ඒත් කොකිස් කන්න අවුරුදු එනකම් බලාගෙන ඉන්නම ඕනේ නැහැනේ නේද. මම නම් ඉදලා හිටලා කොකිස් හදලා කනවා. කන්න පටන් ගත්තම කන එක නවත්තගන්න එක තමා ලොකුම ප්‍රශ්නය. තව එකක් තව එකක් කියල එක එක කනකොට එකපාරට 10ක් විතර කාලා. ඒ ප්‍රශ්නය තියෙන්නේ මට විතරයි නෙමෙයි නේද?

රසට ලස්සනට කොකිස් හදමු (වීඩියෝව)

රොසෙට් කුකීස් (කොකිස් වගේම හදන කෑමක් )

කොකිස් කියන්නේ ලංකාවේ කෑමක් කියලනේ අපි ගොඩක් අය හිතන්නේ නේද? මෑත කාලයක් වෙනකම් මාත් හිතාගෙන හිටියේ එහෙම තමා. ඉන්ටනෙට් එකේ වෙනත් රටවල් කෑම ගැන හොයල බලන වෙලාවක කොකිස් වගේම කෑමක් දැකල හොයල බැලුවා. අපි කොකිස් කියනවා වගේ රටින් රටට නම වෙනස් උනත් කොකිස් වගේම කෑමක් ලෝකේ ගොඩක් රටවල ජනප්‍රිය කෑමක් කියන එක දැනගත්ත.

ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ රොසෙට් කුකීස් (rosettes නැත්නම් rosette cookies) කියලයි. මේ රොසෙට් කුකීස් මුලින්ම හදන්න පටන් ගත්තේ යුරෝපයේ රටවල කියලයි කියන්නේ. ඕලන්ද භාෂාවෙන් koekjes කියන්නේ cookies වලට. ඒ නිසා koekjes නැත්නම් cookies කියන වචනය සිංහලෙන් කොකිස් වෙන්න පුලුවන් නේද.

රොසෙට් කුකීස් සහ කොකිස් දෙකම එක වගේ තමයි. නමුත් ටිකක් වෙනස්. රොසෙට් කුකීස් කියන්නේ පාන් පිටි, කිරි, බිත්තර, සීනි සහ ලුණු වලින් හදන බැටර් එකක කොකිස් අච්චුව වගේ රොසෙට් අච්චුවකින් හදන පැණිරස කෑමක්. හදපු රොසෙට් කුකීස් වලට පව්ඩර් සුගර් ඉහිනවා නැත්නම් අයිසින් වක්කරනවා. ඒ නිසා පැණි රසයි. කොකිස් තරම්ම ක්‍රිස්පී නැහැ.

ලංකාවේ අය ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය වලින් (හාල් පිටි, පොල් කිරි, කහ, පොල් තෙල්) වගේ දේවල් වලින් ලංකාවේ අයට ගැලපෙන විදියට කොකිස් හදනවානෙ නේද. ඒ වගේම ආසියාවේ වෙනත් රටවලත් (ඉන්දියාව, මැලේසියාව,සිංගප්පූරුව,ඉන්දුනීසියාව) කොකිස් වගේම කෑමක් තියෙනවා. ලංකාවේ වගේම හාල් පිටි සහ පොල් කිරි වලින් මිශ්‍රණය හදනවා. නමුත් කහ එකතු කරන්නේ ලංකාවේ විතරයි.

රසට ලස්සනට කොකිස් හදාගන්න කුකින් ටිප්ස්

කොකිස් අච්චුව

  • හොඳට පදම් කරගත් කොකිස් අච්චුවක් නැත්නම් කොකිස් හදාගන්න ලෙහෙසි නැහැ. අච්චුවේ ඇලිලා ගලවගන්න බැරි වෙනකොට කොකිස් හදන එක එපාවෙනවා. හදන්න පටන් ගත්ත මුල් දවස් වල මටත් එහෙම උනා. ඒ නිසා කොකිස් හදන්න කලින් අච්චුව හොඳට පදම් කරගන්න ඕනේ.
  • තෙල් රත් කරලා තෙල් එක ලිපෙන් අයින් කරලා අච්චුව ඒ රත් කරගත් තෙල් එකට දාල දවසක් විතර තියල තියන්න. එතකොට අච්චුව හොඳට පදම් වෙනවා. කරදර දෙන්නේ නැතුව කොකිස් එක ගැලවෙනවා.

කොකිස් මිශ්‍රණය

  • කොකිස් මිශ්‍රණය හදාගන්න ලේසියි. නමුත් හරි පදමට හදාගන්න ඕනේ. මිශ්‍රණය ප්‍රමාණයට වඩා ඝන හෝ දියාරු වීම සුදුසු නැහැ.
  • මම කොකිස් මිශ්‍රණය හදන්නේ හාල් පිටි වලින් විතරයි. ඒ නිසා කොකිස් එක හොඳට ක්‍රිස්පී වලට හදාගන්න පුළුවන්. සතියක් දෙකකට පස්සේ උනත් ක්‍රිස්පී ගතිය හොඳට තියෙනවා. ඒ නිසා පාන් පිටි එකතු කරන්න අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ  
  • බිත්තර එකතු කරන්න අවශ්‍යම නැහැ. නමුත් බිත්තර එකතු කලාම කොකිස්වලට විශේෂ රසයක් ලැබෙනවා. ඒ වගේම ලෙහෙසියෙන් අච්චුවෙන් ගලවා ගන්නත් පුළුවන්. නොන්ස්ටික් කොකිස් අච්චුවක් නැත්නම් හොඳට පදම් කරගත් කොකිස් අච්චුවකින් හදනවනම් බිත්තර එකතු කරන්න අවශ්‍යම නැහැ.
  • කැමතිනම් මිශ්‍රණයට සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්.
  • මිශ්‍රණයට තල ඇට ටිකක් මිරිස් කුඩු ටිකක් නැත්නම් හීනියට ලියාගත් කරපිංචා ටිකක් දාල වෙනස් රසකට කොකිස් හදාගන්නත් පුළුවන්.

කොකිස් හදන ක්‍රමය

  • කොකිස් හදන්න කලින් අච්චුව රත් කරගත් තෙලට දාල විනාඩි කීපයක් තියන්න ඕනේ. අච්චුව ගානට රත් කරගත්තේ නැත්නම් (අච්චුව රත් වෙලා වැඩි උනත් අඩු උනත්) කොකිස් මිශ්‍රණය අච්චුවට ලස්සනට දවටගන්න බැරිවෙනවා
  • මිශ්‍රණය දවටගන්න කලින් අච්චුව හෙමින් සොලවන්න. එහෙම කලාම අනවශ්‍ය තෙල් අයින් වෙලා අච්චුව ගානට කුල් වෙනවා. එහෙම නැත්නම් කඩදාසියක උඩ අච්චුව එක පාරක් තියල කරන්නත් පුළුවන්
  • කොකිස් හදනකොට තෙල් ගානට රත් කරගන්න ඕනේ. ඒ නිසා දිගටම ගින්දර පාලනය කරගන්න ඕනේ. තෙල් වල රස්නය මදි උනාම කොකිස් එක ගලවගන්න අමාරුයි. ඒ වගේම ක්‍රිස්පී වෙන්නෙත් නැහැ. බදින්න තෙල් ගොඩක් අවශ්‍ය වෙනවා. තෙල් රස්නෙ වැඩි උනාමත් කොකිස් එක ගලවා ගන්න අමාරු වෙනවා. ඉක්මනට කරවෙලා අච්චුවට ඇලවෙනවා. ගලවගත්තත් පාට ලස්සන නැහැ රසත් නැහැ
  • අච්චුවට කොකිස් මිශ්‍රණයට දවටගන්න වෙලාවට අච්චුවේ උඩ පැත්තේ මිශ්‍රණය ගෑවෙන්නේ නැතිවෙන්න හරිම පරිස්සමින් කරන්න ඕනේ. අච්චුව පිටින්ම ගිලුනොත් කොකිස් එක ගලවගන්න බැරිවෙනවා. කොකිස් හදන්න පටන් ගත්ත මුල් කාලේ මටත් එහෙම උනා.
  • මිශ්‍රණය දවටාගත් අච්චුව තෙල් එකට දාල තත්පර ගානකින් අච්චුව හෙමින් හොලවන්න ඕනේ. එතකොට හරිම ලේසියෙන් කොකිස් එක ගැලවෙනවා. එහෙම කලේ නැත්නම් ටික වෙලාවක් ගියාම කොකිස් එක අච්චුවට ඇලවෙලා ගලවගන්න අමරුවෙනවා. කොකිස් එක කරවෙලා වැඩි වෙනවා. ඒ නිසා ඉක්මනට ඉරටුවක් වගේ දෙයකින් ගලවගන්න ඕනේ.
  • කොකිස් එකේ පාට යම්තම් දුඹුරු උනාම තෙල් එකෙන් අයින් කරගන්න. තෙල් පෙරෙන්න දලක් වගේ දෙයක් උඩ  තියන්න ඕනේ. එහෙම කලාම ටික වෙලාවකින් ක්‍රිස්පී ගතිය වැඩිවෙනවා.

රසට ලස්සනට කොකිස් හදමු (රෙසිපි)

අවශ්‍ය දේවල්

  • හාල් පිටි ග්‍රෑම් 150ක්
  • ලුණු තේ හැඳි  1/2
  • කහ කුඩු තේ හැඳි  1/2
  • බිත්තර 1ක්
  • මිටි කිරි මිලිලීටර් 220ක් (කෝප්පයක් පමණ)  
  • පොල්තෙල් අවශ්‍ය පමණ
  • හොඳින් පදම් වූ කොකිස් අච්චුවක්

සාදාගන්නා ආකාරය

  1. භාජනයකට හාල් පිටි, ලුණු සහ කහ කුඩු  දමා හොඳට මිශ්‍ර කරන්න
  2. එයට බිත්තරයක් එකතු කර ටිකක් ගසාගන්න
  3. මිටි කිරි ටික ටික එකතු කරමින් කැට නැතිව මිශ්‍රණය හදාගන්න
  4. භාජනය වසා විනාඩි 30ක් තියන්න
  5. කොකිස් හදන්න කලින් මිශ්‍රණය කලවම් කරන්න
  6. තාච්චියක තෙල් රත් කරගන්න
  7. කොකිස් අච්චුව තෙලට දමා විනාඩි කීපයක් රත්කර ගන්න
  8. අච්චුව තෙල් එකෙන් පිටතට අරගෙන සෙමින් සොලවන්න
  9. අච්චුවෙ උඩ පැත්ත නොවැසෙනසේ මිශ්‍රණය අච්චුවේ දවටා ගන්න
  10. අච්චුව නැවත තෙලට දමා තත්පර කීපයකින් එය සෙමින් සොලවමින් කොකිස් එක ගලවගන්න
    * නැත්නම් ඉරටුවකින් ගලවගන්න
  11. ගලවාගත් කොකිස් එක යම්තම් දුඹුරු පාට වෙනකම් ඉක්මනින් බැදගන්න
    (කැමති නම් අනිත් පැත්ත හරවල දෙපැත්තම බැදගන්න)
  12. පිටතට ගෙන තෙල් බේරෙන්න තියන්න
  13. හොදට නිවුනම ප්ලස්ටික් පෙට්ටියක දමා හොදට වහලා තියන්න ඕනේ

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

රසම රස සිංහල රෙසිපි එකතුවක්

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « 生姜の効いた「ジンジャーティーゼリーの」作り方
Next Post: How to Make Potato Pancakes »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
EASY! Bara (Nepali Lentil Pancakes)
BEST! Sri Lankan Fish Buns (Malu Paan)

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...