• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු !
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු !

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු !
කෑම හදන්න පුරුදු වෙන අයට උනත් ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් හදන්න හරිම ලේසීයි! ඒ වගෙම ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් හරිම ලස්සනට සංග්‍රහ කරන්නත් පුලුවන්. ගෙදර තියෙන ජෑම්, බටර්, සීනි, පැණි එක්කත් ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් රසම රසයි. ඉක්මනින් හදන්න පුලුවන් හින්ද ගෙදරට එන නෑයන්ට යාළුවන්ට සංග්‍රහ කරන්නත් හොදයි. හදලා බලන්නකෝ. රස කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු (වීඩියෝව)

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් (ප්‍රංශයෙ පෑන් කේක්)

පෑන් කේක් කීවම අපිට මතක් වෙන්නේ ලංකාවේ පොල් පැනි පුරවල හදන පෑන් කේක් එක නේද. එහෙම නැත්නම් සමහර අයට ඇමෙරිකන් පෑන්කේක් එකත් මතක් වේවී. ඒ වගේම ලෝකේ හැම රටකම ඒ රටට ආවේනික පෑන් කේක් තියෙනවා. ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් කියන්නේ ප්‍රංශයෙ පෑන් කේක් එකක්. ලංකාවේ අපේ පෑන් කේක් එක වගෙම තමයි. ඒ උනාට ලංකාවේ පෑන් කේක් එකට වඩා ෆ්‍රෙන්ච් ක්‍රේප් එක තුනීයි. තුනීවට ක්‍රිස්පී විදියට හදාගන්න එක තමා එයාලගේ විදියට හරි ක්‍රමය. ඇමෙරිකන් පෑන් කේක් වගෙම ප්‍රංශයෙ ක්‍රේප් එකත් ලෝකේ ජනප්‍රිය කෑමක්.

ෆ්‍රෙන්ච් ක්‍රේප්ස් හදන්න කුකින් ටිප්ස්

නන්ස්ටික් පෑන් එකක ෆ්‍රෙන්ච් ක්‍රේප් හදන්න ලේසියි. පුරුදුවෙන කාලෙට 20-22cm සයිස් පෑන් එකක් හොදයි. ලෙසියෙන් කරකවලා ලස්සනට රවුමට හදාගන්න පුලුවන්.

ක්‍රේප් එකක් හදාගන්න යන්නේ විනාඩියක් විතර. ඒ නිසා පෑන් එක ගානට රත්කරගන්න ඕනෙ. පෑන් එක රත්කරන්න. වතුර බින්දු කීපයක් ඉහින්න. වතුර බින්දු ඩාන්ස් කරන්න පටන් ගත්තම OK

බැටර් එක කලින් හදලා දවසක් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුලුවන්. එහෙම කලාම හරිම ලේසියි. ක්‍රේප් ටික හදාගෙන හෙමිහිට රසවිදින්න පුලුවන්. යාලුවෝ කට්ටිය ආවම සංග්‍රහ කරන්නත් ලේසියි.

ෆ්‍රිජ් එකේ බැටර් එක තියලා තියෙනවානම් ක්‍රේප් හදන්න කලින් කාමර උෂ්ණත්වයට ගේන්න අමතක කරන්න එපා.

මගෙ බැටර් එක කිරි 300ml දාල හුගක් තුනිවට හදලා තියෙන්නේ. ඔයාල මුලින්ම හදනකොට කිරි 280ml විත‍ර දාල හදලා බලන්න.

කිරි වලට වතුර කලවම් කරලා හදන්නත් පුලුවන්. රස ටිකක් වෙනස් වෙයි.

කැටි ගැහෙන්නෙ නැතුව බැටර් එක හදාගන්න නම් පිටි හලලා ගන්න. ඒ වගෙම, කිරි ටික ටික එකතු කරලා විස්ක් කරන්න. මුලින් තික් පේස්ට් එකක් හදාගන්න. ඊට පස්සෙ ඒක තුනී කරන්න. විස්ක් කරනකොට හයියෙන් කරන්න. කැටි තිබුනොත් පෙරලා ගන්න.

ක්‍රේප් එකක් හදාගන්න යන්නේ විනාඩියක් විතර. ඒ නිසා පෑන් එක ගානට රත්කරගන්න ඕනෙ. පෑන් එක ගානට රත් වෙලාද බලන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. පෑන් එක රත් වෙන්න තියල වතුර බින්දු කීපයක් ඉහින්න. වතුර බින්දු ඩාන්ස් කරන්න පටන් ගත්තම ගානට රත්වෙලා. බැටර් එක දාන්න කලින් වතුර පිහල යාන්තමට තෙල් ටිකක් ගාන්න අමතක කරන්න එපා.

20 cm & 22 cm නන්ස්ටික් පෑන් and 26 cm ක්‍රේප් පෑන්

නන්ස්ටික් පෑන් එකක් (20-22cm) ලෑස්ති කරගන්න

අවශ්‍ය දේවල් (ක්‍රේප් 8-10ක් සඳහා)

  • පිටි ග්රෑම් 125 (කෝප්ප 1 ක් පමණ)
  • ලුණු තේ හැඳි 1/4
  • සීනි මේස හැඳි 1
  • බිත්තර 2
  • කිරි මිලි ලීටර් 300 (කෝප්ප 1යි 1/4 පමණ)
  • දිය කරගත් බටර් හෝ මාගරින් මේස හැඳි 1
  • තෙල් ස්වල්පයක්

මුලින්ම, ක්‍රේප් බැටර් එක හදාගනිමු

භාජනයකට පිටි ලුණු සහ සීනි එකතු කරලා විස්ක් කරන්න

බිත්තර එකතු කරලා විස්ක් කරන්න

දැන් කිරි ටික ටික එකතු කරලා තික් පේස්ට් එකක් හදාගන්න

දැන් ඉතුරු කිරි ටික එකතු කරලා තික් පේස්ට් එක තුනී කරගෙන බැටර් එක හදාගන්න

දැන් ඒ බැටර් එකට දියකරගත් බටර් හෝ මාගරින් දාලා හොඳට විස්ක් කරන්න

භාජනය වහලා විනාඩි 30 විත‍ර තියලා තියන්න

දැන් අපේ ක්‍රේප් බැටර් එක ලෑස්තියි

දැන් අපි ක්‍රේප් හදමු

නන්ස්ටික් පෑන් එකක් රත්කරන්න

යාන්තමට තෙල් ටිකක් ගාන්න

හැන්දකින් බැටර් එක වත්කරන්න

පෑන් එක කරකවලා බැටර් එක රවුමට තුනී කරන්න.

ක්‍රේප් එකේ උඩ පැත්ත වේලීලා, වටේ ලා දුඹුරු පාට වෙනකම් විනාඩියක් විතර ෆ්‍රයි කරන්න.

දැන් ක්‍රේප් එක අනිත් පැත්තට හරවලා තත්පර 20ක් විත‍ර ෆ්‍රයි කරගෙන පිගානකට අයින් කරන්න.

ඒ විදියට ඉතුරු ක්‍රේප් ටිකත් හදාගන්න.

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

සිංහල රෙසිපි එකතුවක්

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු
ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු (රෙසිපි & වීඩියෝ)
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු (රෙසිපි & වීඩියෝ)
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු (රෙසිපි & වීඩියෝ)
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු

English Recipes

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
YouTube Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World


Related

Previous Post: « දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
Next Post: කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
EASY! Bara (Nepali Lentil Pancakes)
BEST! Sri Lankan Fish Buns (Malu Paan)

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...