• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar

Joy of Eating the World

FOOD-ONE SHARED LANGUAGE FOR EVERYONE TO ENJOY! the life

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !
You are here: Home / ALL RECIPES / ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු

 ජින්ජර් ඒල් (ජින්ජර් බියර්)
ගෙදර හදන ජින්ජර් ඒල් (ජින්ජර් බියර්)

ජින්ජර් ඒල් (ජින්ජර් බියර්)
රසට ගුණට ලේසියෙන් ගෙදර හදමු

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු ! ජින්ජර් ඒල් නැත්නම් ජින්ජර් බියර් හදාගන්න හරිම ලේසියි. අමු ඉගුරු ටිකක් ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ නේද?

මුලින්ම අපි ඉඟුරු ටිකට සීනි එකතු කරලා උණුකරලා ජින්ජර් සිරප් එක හදාගන්නවා. ජින්ජර් සිරප් එකට මී පැණි ටිකක් දෙහි යුෂ ටිකක් එකතු කලාම රස වැඩිවෙනවා ඒ වගේම ගුණත් වැඩිවෙනවා. ඔයාලට කැමති විදියට පැණිරස  අඩු වැඩි කරගන්න පුලුවන්. ජින්ජර්  ඒල් එක හදන්නේ ජින්ජර් සිරප් එකට ක්ලබ් සෝඩා නැත්නම් ස්පාර්ක්ලින් වෝටර් එකතු කරලා. අයිස් කැට ටිකක් දාල ගත්තම හරිම රසයි.

ඔයාලට ලේසි වෙන්න මේ ජින්ජර්  ඒල් රෙසිපි එකේ මම අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණය සඳහන් කලා. අවශ්‍ය විදියට ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. හරියටම කිරන්න මනින්න අවශ්‍යතාවයක් නැහැ. හදාගත්ත ජින්ජර් සිරප් එක ෆ්‍රිජ් එකේ සතියක් විතර තියාගන්න පුළුවන්.

ජින්ජර් බියර් එකයි ජින්ජර් ඒල් එකයි ටිකක් පැටලෙනවා නේද ?
ඒ නිසා මේ දෙකේ වෙනස දැනගන්න ගූග්ල් කරලා බැලුවා. ජින්ජර්  ඒල් එකයි ජින්ජර් බියර් එකයි එක වගේම බීම ජාති දෙකක්.  නමට බියර් තිබුනට ජින්ජර් බියර් කියන්නේ බියර් එකක් නෙමෙයි. පාරම්පරික ක්‍රමයට හදන ජින්ජර් බියර් වල ඇල්කොහොල් තියෙනවා. නමුත් ඇල්කොහොල් නැති ජින්ජර් බියරුත් තියෙනවා. නොන් ඇල්කොහොල් ජින්ජර් බියර් එක ජින්ජර් ඒල් වගේම සොෆ්ට් ඩ්‍රින්ක් එකක්. ඒ නිසා මේ දෙක ටිකක් පැටලෙනවා

විකුනන්න තියෙන ජින්ජර් ඒල් වල හුග වෙලාවකට ජින්ජර් තියෙන්නේ නමට විතරයි. ඇත්තටම ජින්ජර් නැත්නම් ඉඟුරු නැහැ. ඇඟට හොඳ ජින්ජර් නැති උනාට ඇඟට හොඳ නැති සීනි රසායනික ද්‍රව්‍ය වගේ දේවල් ගොඩක් තියෙනවා. මොනවද තියෙන්නේ කියල දැනගන්න ලේබලයක් කියවල බලන්නකෝ. එතකොට නම් පිරිසිදුවට රසට ගුණට ගෙදර හදලා බොන්නම හිතෙනවා. එහෙනම් ඉතින් හදලා බලන්නකෝ

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු (වීඩියෝ)

ලේසියෙන් ජින්ජර් ඒල් (ජින්ජර් බියර්) ගෙදර හදමු (රෙසිපි)

අවශ්‍ය දේවල්

අමු ඉඟුරු ග්රෑම් 200ක්
වතුර මිලිලීටර් 800ක් *කෝප්ප 3ක් විතර
සීනි ග්රෑම් 100ක්
දෙහි යුෂ මේසහැඳි 1ක්
මී පැණි මේසහැඳි 2ක්

මුලින්ම ඉඟුරු සිරප් එක හදාගනිමු

ඉඟුරු ටික පෙති වලට කපාගන්න
ඉඟුරු පෙති ටික සහ වතුර වලඳකට දමාගන්න
විනාඩි 30ක් පමණ උයාගන්න
ලිපෙන් බාල විනාඩි 10ක් පමණ නිවෙන්න තියන්න
ඉඟුරු වතුර එක නැවත කලින් වලඳට දමා සීනි එකතු කරන්න
හැඳි ගාමින් විනාඩි 10ක් පමණ උනුකරන්න
ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න
දෙහි යුෂ සහ මී පැණි එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න
ඉඟුරු සිරප් එක ලෑස්තියි

දැන් ජින්ජර්  ඒල් (ජින්ජර් බියර්) එක හදාගනිමු

වීදුරුවකට අයිස් කැට දමාගන්න
අයිස් කැට වලට උඩින් ඉඟුරු සිරප් කෝප්ප 1/4ක් සහ ක්ලබ් සෝඩා හෝ ස්පාර්ක්ලින් වෝටර් කෝප්ප 3/4ක් විතර දමාගන්න (එකතු කරන ප්‍රමාණය කැමති විදියට වෙනස් කරන්න පුළුවන්)

අලුත් දෙයක් කරන්න හිතෙන සුබ දවසක් වේවා !

රසම රස සිංහල රෙසිපි එකතුවක්

ලේසියෙන් රසට ලස්සනට ආප්ප හදමු
කංකුං ගාලික් පැස්ටා විනාඩි 10 න් හදමු
ෂක්ෂුකා-අලුත් රසකට බිත්තර හදමු
මැකාවු විදියට අලුත් රසකට ඇෆ්රිකන් චිකන් හදමු
රස ගුණ ඕට්ස් තෝසෙ එංගලන්තේ විදියට හදමු
පොටේටො පෑන් කේක් (අල පෑන් කේක්) හදමු
දකුණු ඉන්දියාවේ විදියට මිශ්‍ර පරිප්පු තෝසේ හදමු
රසට ලස්සනට කොකිස් හදමු
ෆ්‍රෙන්ච් ක්‍රේප්ස්-අලුත් විදියකට පෑන් කේක් හදමු

ඉංග්‍රීසියෙන් කියවන්න

Kokis Recipe
Appa Recipe
Chicken Kottu Recipe
Coconut Tuna Fish Curry Recipe
Spicy Tuna Fish Curry recipe
Spicy Chicken Curry Recipe
Coconut Egg Curry Recipe

සිංහලෙන් කියවන්න සිංහල රෙසිපි
ඉංග්‍රීසියෙන් කියවන්න ENGLISH RECIPES
වීඩියෝ බලන්න Joy of Eating the World
Facebook JOY of EATING the WORLD
Instagram Joy of Eating the World

Related

Previous Post: « Easy Homemade Ginger Ale Recipe
Next Post: 体にやさしい「自家製ジンジャーエール」レシピ »
See More →

Primary Sidebar

Food-one shared language for everyone to enjoy!

Hi! I'm Kanthi
Meals getting boring? Craving more variety? Thanks to its beautiful diversity, our world is full of lovely foods. Once you start eating the world in your kitchen, you will never be stuck for cooking inspiration again and you’re bound to encounter your new favorites. Read more.......

Subscribe to Blog via Email

Enter your email address to subscribe to this blog and receive notifications of new posts by email.

TOP POSTS

No-Crust Baked Cheesecake (Easiest Recipe Ever)
BEST! Watalappan (Sri Lankan Coconut Custard)
【本格派】スリランカのレンズ豆カレー「パリップ」の作り方
ポルサンボル(スリランカのココナッツふりかけ)作り方
The Best Honey Lemon Drizzle Cake Recipe For TWO
Pão de Ló (Portuguese Sponge Cake)
Perfect Sri Lankan Appa (Hoppers, Appam)
Easy Two-layer Pineapple Jelly Dessert
EASY! Bara (Nepali Lentil Pancakes)
BEST! Sri Lankan Fish Buns (Malu Paan)

RECENT POSTS

  • Easy! Banh Xeo (Vietnamese Sizzling Pancakes)
  • All You Need: Sri Lankan Curry Powder Recipes
  • シンガポールの朝食!「カヤトースト」の作り方
  • Easy Kaya Toast (With Homemade Kaya Jam)
  • 簡単!カヤジャム(ココナッツジャム)失敗しない作り方
  • Easy Homemade Kaya Jam (Malaysian Coconut Jam)
  • エキゾチックな☆スイートミルクコーヒの作り方
  • Deliciously Moist Black Tea Chiffon Cake
  • Classic Sri Lankan Love Cake (Semolina Cake)
  • 練乳入りスパイスコーヒー★アイスクリームのせ♪

MENU

  • Home
  • About
  • Recipe
  • ようこそ
  • 世界の料理レシピ集
  • Contact Us !

CATEGORIES

TAGS

ALL ENGLISH RECIPES ALL RECIPES APPETIZER A to Z PANCAKES AROUND THE WORLD BEVARAGE AND DRINK BREAD BREAKFAST & BRUNCH BY INGREDIENTS CAKE PIE & TART CHEESECAKE CHICKEN CHICKEN CURRY COCONUT CREAM CHEESE CREPE CURRY DESSERT DINNER PARTY EGGS FESTIVE DISHES INDIAN JAPANESE JAPANESE DESSERT LIGHT MEAL MAIN DISHES & DINNER RECIPES PANCAKE PANCAKES AROUND THE WORLD PARTY FOODS POTATO RICE RICE FLOUR SAVORY SNACK SIDE DISH SNACK SPECIAL OCCASIONS SRI LANKAN SRI LANKAN BREAKFAST SRI LANKAN CURRY SRI LANKAN RECIPES STREET FOOD VEGAN VEGETARIAN WORLD CURRY WORLD FOOD 世界の料理レシピ集

Copyright © 2025 · Foodie Pro Theme on Genesis Framework · WordPress · Log in

 

Loading Comments...